අද අපි කතාකරන්න යන්නෙ arduino boards ගැන.
විවිධ පමාණ වලින් විවිධ කාර්‍යය සඳහා යොදාගන්න පුලුවන් arduino boards තීනව. Arduino UNO , MEGA , Pro mini , nano , DUE , Leanado වගේ විවිධ නම් වල සහ ප්‍රමාණ වල ආර්ඩුඊනෝ බෝඩ් නිෂ්පාදනය කරල තියෙන්නව. මේව අතරින් beginners ලා අතර ජනප්‍රිය ම බෝඩ් එකක් තමයි UNO කියන්නෙ .
Printed circuit බෝඩ් එකකට microchip එකක් usb interface එකක් 16Mhz clock එකක් වගේම තවත් ic , transistors සම්බන්ධ කරල තමයි මේ arduino නිපදවල තියෙන්නෙ .අපි අද මේ arduino UNO board එක ගැන සහ භාවිතා කරන විදිය ගැන වැඩිදුර කතාකරමු.
ඉතාලි භාෂාවෙන් UNO කියන්නෙ “1” (one) . මුල්ම usb arduino board එක UNO බෝඩ් එක නිසාත් arduino වල reference model එක නිසාත් තමයි UNO කියන නම යොදල තියෙන්නෙ.
USB B කේබල් එකකින් pc එකත් එක්ක සම්බන්ධ කරන්න පුලුවන් UNO board එක ATmega328P කියන microchip එකෙන් බලගැන්වෙනව. ඒ microchip එකත් එක්ක digital IO (input / output ) pin 14 කුත් analog in pin 6 කුත් සම්බන්ධ වෙලා තියෙනව. ඒ වගේම digital IO pin වලින් PWM ( pulse width modulate ) කරන්න පුලුවන් 8 bit pin 6 ක් සම්බන්ධ වෙලා තියෙනව. මේ පින් භාවිතයෙන් පුංචි led බල්බ් එකක ඉදන් robot කෙනෙක් වෙනකන් ම පාලනය කිරීමේ හැකියාවක් මේ පුංචි microcontroller එක සතු වෙනවා.

UNO භාවිතා කරන්නෙ කොහොමද ???
අපි දැන් බලමු කොහොමද මේ UNO භාවිතා කරන්නෙ කියල.
මුලින් ම මේ board එක භාවිතා කරන්න නම් බෝඩ් එකට විදුලිය ලබාදෙන්න වෙනව. USB සම්බන්ධ කරල තීන අවස්තා වලදි ඒ හරහාම අවශ්‍ය විදුලිය ලබාගන්නව. නමුත් වෙනත් අවස්තා වලදි අවශ්‍ය විදුලිය ලබාදෙන්න barrel jack එක හරහා පුලුවන් . වෝල්ට් 7 ඉදන් 20 වෙනකම් පරාසයක විදුලිය ලබාදෙන්න පුලුවන් නමුත් ඊට අඩු හෝ වැඩි විභව අන්තරයක් ලබාදුන්නොත් පරිපථ දැවීයාම සිදුවෙන්න පුලුවන් . අවශ්‍ය නම් 9V බැටරියකින් උනත් විදුලිය ලබාදෙන්න පුලුවන්. ඒ වගේම UNO board එකේ තියෙන VIN (voltage in) pin එක මගිනුත් බාහිරින් සරල ධාරා (DC) විදුලිය 7V සිට 12V දක්වා පරාසයක ලබාදෙන්න පුලුවන් .
ඒවගේම අපි සකස් කරන පරිපථ වලට අවශ්‍ය විදුලිය මේ බෝඩ් එකෙන් ලබාගන්නත් පුලුවන් . මෙහි ඇති power pins වලින් 5V හෝ 3.3V ලබාගන්න පුලුවන්. නමුත් ඒවා ඔස්සේ විදුලිය සැපයීම පරිපථ දැවීයාමට හේතුවක් වෙන්න පුලුවන්.
**පහළින් ඉදිරිපත් කරන පරිච්ඡේද වලින් බලාපොරොත්තු වෙන්නෙ සාමාන්‍ය මට්ටමෙන් ටිකක් ගැඹුරට ගිහින් arduino uno board එක ගැන අධ්‍යනය කරන්න… නමුත් beginner කෙනෙක් නම් දැනට කලින් විස්තර කර දේවල් ප්‍රමාණවත් වේවි**

1. Barrel jack
12 v දක්වා බාහිරින් විදුලිය සැපයීමට හැකි මෙහි පිටතින් group(භූගත අග්‍රය) සහ ඇතුලතින් Voltage in පිහිටා තිබෙනව. සරලව කියනව නම් පිටතින් “-” ත් ඇතුලතින් “+” ත් ලබාදිය යුතුයි.
2. Reset Button
Reset කිරීම නැත්නම් දැනට microchip එකෙහි ක්‍රියාත්මක වන වැඩසටහන (programme) නැවත මුලි සිට ක්‍රියාත්මක කරවීමට යොදාගන්න පුලුවන් . ඒවගේම board එකෙහි power pins වල ඇති Res පින් එකට භාහිරින් ස්විචයක් සවිකිරීම මගිනුත් එම කාර්‍යම සිදු කරන්න පුලුවන්.
3. 5/3.3 voltage regulators
Board එකට බාහිරින් සපයන විදුලිය නියමාකාර ඒකාකාර විභව අන්තරයක් ලෙස ලබාදීම සහ පරිපථ සදහා board එක මගින් ලබාදෙන විදුලිය නිසියාකාරව ලබාදීම කරයි
4. RVT (residual voltage transformers )
මෙය තෙකලා ධාරිත්‍රකයකි. UNO board එකට මෙම ධාරිත්‍රක දෙකක් එකිනෙකට ආසන්නව capacitor bank ලෙස සම්බන්ධව තිබේ. අසමතුලිත විභව අන්තර පාලනය සඳහාත් , ක්‍රියාවිරහිත වන ධාරිත්‍රක පාලනය සදහාත් යොදාගනී.
5. Rx/Tx pins
UNO හි දකුණු පස digital IO පින් වල පහලින් ම පිහිටා ඇත්තේ මෙම RX (receive) හා TX (transmit ) යන pin දෙකයි. Arduino board එකක් තවත් arduino board එකක් සමග හෝ පරිගණකයක් සමග සන්නිවේදනයට ( serial communication ) සඳහා යොදාගනී. එසේම මෙම pin හරහා එක් arduino board එකක් මගින් අනෙක් arduino board එක සදහා වැඩසටහනක් upload කිරීමද සිදුකල හැකියි.
6.SCL & SDA pins
Serial clock pin සහ Serial data pin වේ. මේවා ගැන වැඩි දුර විස්තර ඉදිරියේදී 12c protocol එක සමග කතා කරමු.