Microcontroller programming ගැන කතා කරද්දි මුලින් ම මතක් වෙන දේ තමයි arduino. හරියටම කියනව නම් මේ arduino කියන්නෙ පුංචි පරිගණකයක් වගේ. පරිගණකයක වෙන input process output storage කියන සියලුම දේ මේ ආඩුඊනෝ microcontroller එකේදිත් කරන්න පුලුවන්.
අද වෙනකොට ලෝකෙ ගොඩක් ම ජනප්‍රිය microcontroller එකක් තමයි ආඩුඊනෝ. මේ ආඩුඊනෝ programming ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද මේ ආඩුඊනෝ සහ ආඩුඊනෝ වල ඉතිහාසය මොන වගේද කියල.

Arduino කියන්නෙ open-source hardware and software company එකක්. GNU Lesser General Public License (LGPL) යටතේ බලපත්‍ර ගත කරල තීන මේ ආඩුඊනෝ දෘඪාංග සහ මෘදුකාංග ලෝකෙ ඕනෙම කෙනෙක් ට නිෂ්පාදනය කරන්න සහ බෙදාහරින්න පුලුවන් . අද වෙනකොට පුංචි led රටාවක ඉදන් ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර දක්වාම මේ ආඩුඊනෝ යොදාගෙන නිෂ්පාදනය කරන්න හැකියාව ලැබිල තියෙනව.
ආඩුඊනෝ වල ඉතිහාසය පටන් ගන්නෙ ඉතාලියෙන්. ඉතාලියේ Ivrea ප්‍රාන්තයේ Interaction Design Institute Ivrea නැත්නම් IDII කියන ආයතනය 2003 වසරෙ දි ඒ ආයතනයේ ඉගෙන ගන්න සිසුන් වෙනුවෙන් අපූරු ව්‍යාපෘතියක් දියත් කරනව. ඒ තමයි අතිශය මිල අධික සහ අසීරු කාර්යක් උන සංකීර්ණ ඉලෙක්ට්‍රොනික උපාංග (කුඩා රොබෝවරු වැනි) අඩු මිල පහසු ක්‍රමයකට නිර්මාණය කිරීම සිසුන් ට උගන්වන්න සුදුසු උපාංග කට්ටලයක් නිර්මාණය .

මේ වෙනකොටත් IDII සිසුන් $50 ක් වගේ විශාල මුදලකට ගත්ත මූලික මට්ටමේ microcontroller එකක් තමා භාවිතා කරේ. ඒත් මේ මුදල බොහෝ සිසුන් ට දරන්න අමාරු ගණනක් නිසා තමයි Hernando Barragán කියන පුද්ගලයා තමන් ගෙ උපාධි ව්‍යාපෘතිය විදියට Massimo Banzi සහ Casey Reas දෙදෙනා ගෙ අධීක්ෂණය යටතේ මුද්‍රිත පුවරුවකට ATmega168 කියන microcontroller එක සවි කරල පුංචි පරිපථයක් නිර්මාණය කරනව. ඒ වගේම ඒක ක්‍රමලේකනය කරන්න පහසු වෙන්න IDE එකකුත් නිර්මාණය කරනව. මේ ආඩුඊනෝ IDE නිර්මාණය කරල තියෙන්නෙ C සහ C ++ කියන පරිගණක භාෂා උපයෝගී කරගෙන . ඒ වගේම ගොඩක් පහසුවෙන් වැඩසටහනක් නිර්මාණය කරන්න පුලුවන් වෙන්න.
ඉතින් මේ ව්‍යාපෘතිය භාරව ඉදපු කණ්ඩායම හැමදාම එයාලගෙ විස්තර සහ ප්‍රගතිය සාකච්ඡා කරන්න එකතු වෙන්න පුරුදු වෙලා ඉදියෙ මේ Ivrea කියන ප්‍රාන්තේ තිබ්බ තැබෑරුමට. මේ තැබෑරුමේ නම තමයි Arduin of Ivrea. ඉතින් පස්සෙ කාලෙක Arduino කියන ලෝක ප්‍රසිද්ධ මේ පුංචි පරිගණක බිහි උනෙත් මේ තැබෑරුමට පින් සිද්ද වෙන්න තමයි.
ඉතින් 2003 ඉදන් අද වෙනකන් ලොකු ගමනක් මේ arduino ඇවිත් තියෙනව. විවිධ ප්‍රමාණ වලින් විවිධ කාර්යන් ට උචිත විදියට arduino boards නිර්මාණය වෙලා තියෙනව . ඒ වගේම මේ බෝඩ් එක්ක භාවිතා කරන්න පුලුවන් සංවේදක (sensors) විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනව. මේව එක්ක වැඩ කරන හැටි මුල ඉදන් ම අපි ඉස්සරහට කතා කරමු …………..